වටිනාකම් සහ අයිතිවාසිකම් හදුනාගැනීම
මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ පුරවසියෙකු ලෙස ඔබට, ඔබගේ ජීවිතය, සමාජය සහ ආණ්ඩුව වඩාත් යහපත් තත්වයට පත් කර ගැනීමට අවශ්‍ය මූලික වටිනාකම් සහ සිද්ධාන්ත සරවලව හදුන්වාදීමයි. මෙම වටිනාකම්, සිද්ධාන්ත සහ සංකල්ප නිසි ලෙස හදුනාගැනීම මගින් ඔබට ඔබ වටා සිදු වන සංසිද්ධීන් වඩාත් හොදින් විශ්ලේෂණය කර දැනුවත් තීරණයන්ට එලඹීමට හැකියාව ලැබෙන අතර දේශපාලන, සමාජයීය සහ ආර්තික ක්‍රියාවලියට වඩාත් දැනුවත් පුරවසියෙකු ලෙස සක්‍රීයව දායක වීමට හැකියාව ලැබෙයි. රටෙහි තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔබ සක්‍රීයව සහභාගී වීම හරහා ඔබගේ ජීවිතය මෙන්ම අවසානයේ සමස්ත රටම සංවර්ධනය කරා මෙහෙයවීමට හැකි වනු ඇත.
දැන්වීමයි
“මෙම පාඨමාලාව පාලනයට අදාල මූලික වටිනාකම් සහ මූලධර්ම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම අරමුණු කරන නමුත් එය සම්පූර්ණ නොවන බව කරුණාවෙන් සලකන්න.
පාලනයට සහ පුද්ගල අයිතිවාසිකම්වලට අදාළ අමතර සංකල්ප තිබිය හැකි නමුත්, මෙම මූලික සංකල්ප සිවිල් කටයුතු සහ දැනුවත් තීරණ ගැනීම සඳහා විශ්වීය සහ අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු.
මෙම පාඨමාලාව අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් අදහස් කරන අතර නීති උපදෙස් හෝ සියලු අයිතිවාසිකම් සහ වටිනාකම් පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් ඇතුළත් නොවේ. නිශ්චිත නෛතික හෝ රාජ්‍ය කටයුතු සඳහා වෘත්තීය මගපෙන්වීම ලබා ගැනීම නිර්දේශ කෙරේ.”
නිදහස
“නිදහස යනු අපගේ පුද්ගලික සංවර්ධනය සහ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන මූලික සංකල්පයකි.
මෙම පාඨමාලාව පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය නිදහස වර්ග දෙකක් යටතේ ගවේෂණය කරයි: එනම් ඍණාත්මක සහ ධනාත්මක නිදහස වශයෙනි.
සෘණාත්මක නිදහස: අන් අයගේ මැදිහත්වීම් වලින් හෝ බාහිර බලපෑම්ගෙන් තොරව ක්‍රියා කිරීමට ඇති හැකියාව. එය පුද්ගලයන්ට බාහිර බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ සලසයි.
ධනාත්මක නිදහස: කෙනෙකුගේ අරමුණු හඹා යාමට සහ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සම්පත් සහ අවස්ථා තිබීම අදහස් කරයි.”
ඍණාත්මක නිදහස
“බාහිර පුද්ගලයන්ගේ බාධාවකින් හෝ ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියා කිරීමේ හැකියාව.එය පුද්ගලයන්ට ස්වාධීනව තමන්ගේ තේරීම් සහ තීරණ ගැනීමට ඉඩ සලසයි.
දාර්ශනික ඉසෙයා බර්ලින්
Isaiah Berlin ඍණාත්මක නිදහස පිළිබදව ඔහුගේ ‘Two Concepts of Liberty’ නම් කෘතියේ දක්වා තිබෙන්නේ අන්‍යයන්ගේ මැදිහත්වීම් වලින් නිදහස ලෙසයි. ඒ කියන්නෙ අන් අයගේ බාධාවන්ගෙන් තොරව තමන් අරමුණු ඉටු කර ගැනීමට පවතින නිදහසයි. ඉසෙයා බර්ලින්ට අනුව ඍණාත්මක නිදහස යනු “”පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට බාධාවකින් තොරව ඔහුට කළ හැකි දේ කිරීමට ඉඩ හැරිය යුතු බවයි.””
බර්ලින් වරක් පැවසුවේ “”මගේ ජීවිතය සහ තීරණ බාහිර බලවේග මත නොව මා මත රඳා පවතිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.””
බාහිර ඇඟිලි ගැසීම්වලින් තොරව පුද්ගලික තේරීම් කිරීමට නිදහස තිබීමේ වැදගත්කම මෙයින් ඉස්මතු වේ.
ප්‍රධාන කරුණ: පුද්ගල ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය සඳහා ඍණාත්මක නිදහස ඉතා වැදගත් වේ.”
ධනාත්මක නිදහස
“ධනාත්මක නිදහස: කෙනෙකුගේ හැකියාවන් අවබෝධ කර ගැනීමට සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සම්පත් සහ අවස්ථා පැවතීම.
හැරල්ඩ් ලැස්කි ප්‍රකාශ කළේ, බඩගින්නෙන් පෙළෙන මිනිසෙක් නිදහස් මිනිසෙකු නොවන බවය්., සැබෑ නිදහසට ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය කොන්දේසි ඇතුළත් වන බව අවධාරණය කරමිනි.
උදාහරණයක්:
විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වීමට නම්, ඔබට පින්තාරු කිරීමේ නිදහස (සෘණාත්මක නිදහස) පමණක් නොව තීන්ත, බුරුසු සහ මාර්ගෝපදේශ (ධනාත්මක නිදහස) වැනි සම්පත් ද අවශ්‍ය වේ.
ප්‍රධාන කරුණ: තම අභිලාෂයන් සහ අරමුණු මුදුන් පත් කරගැනීමට සම්පත් සහයෝගය පැවතීම ධනාත්මක නිදහස වේ.
ඍණාත්මක සහ ධනාත්මක නිදහස ඒකාබද්ධ කිරීම
සම්පූර්ණ සංවර්ධනය සඳහා නිදහසේ වර්ග දෙකම අවශ්‍ය වේ. ඍණාත්මක නිදහස, පුද්ගලයාගේ නිදහස් තේරීමට ඉඩ සලසයි, ධනාත්මක නිදහස එම නිදහස භාවිතා කිරීමට මාධ්‍යයන් සපයයි.
ඉයෙසායා බර්ලින් වෙතින් ප්‍රධාන සංකල්ප:
නිදහස යනු තමාට තමාගේම ස්වාමියා වීමට ඇති නිදහසයි. තම ජීවිත කතාවේ කතෲ තමාම වීමයි. තම දෛවයේ තීරකයා තමාම වීමයි.
ලිබර්ටි යනු ස්වයං-ප්‍රගුණ කිරීම සහ ස්වයං-සාක්ෂාත් කර ගැනීමයි, එයින් අදහස් කරන්නේ පුද්ගලයන්ට තම ජීවිත පාලනය කර ඔවුන්ගේ හැකියාවන් සපුරාලන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාව ඇති බවයි. මෙම නිදහසේ ස්වරූපය මැදිහත් වීමක් නොමැති වීම පමණක් නොව, අර්ථවත් තේරීම් කිරීමට බලය සහ සම්පත් තිබීම ද වේ.
උදාහරණයක්:
කෙනෙකුගේ ජීවිතයේ ස්වාමියා වීමට නම්, තේරීම් කිරීමට නිදහස සහ එම තේරීම් මත ක්‍රියා කිරීමට සම්පත් අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන්, ඔබට නර්තන ශිල්පියෙකු වීමට අවශ්‍ය බව සිතන්න, ඔබේ ආශාව කිසිවකු විසින් බාධා නොකරනු ඇත (සෘණාත්මක නිදහස).
කෙසේ වෙතත්, නර්තන ශිල්පියෙකු වීමට බාහිර පුද්ගලයන් මැදිහත් නොවීම හෝ බාධා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබට අවශ්‍ය නර්තන ශිල්පියා වීමට (ධනාත්මක නිදහස) නිසි අධ්‍යාපනය , උපදේශනය සහ මූල්‍ය සහාය වැනි දේ සදහා ප්‍රවේශය අවශ්‍ය වේ.
වැදගත් කරුණ:
පුද්ගල සහ සමාජ වර්ධනය සඳහා නිෂේධාත්මක සහ ධනාත්මක නිදහස යන දෙකම එකසේ අත්‍යවශ්‍ය වේ.
සමාජයේ සහ ආණ්ඩුවේ කාර්‍යභාර්‍යය
පුද්ගලයන් එකිනෙකාගේ තේරීම්වලට මැදිහත් වීමෙන් වැළකී එකිනෙකාගේ නිදහසට ගරු කළ යුතු අතර සහයෝගය දැක්විය යුතුය.
ආණ්ඩුවක් විසින් සෘණාත්මක සහ ධනාත්මක නිදහස යන දෙකම සහතික කරන දේශපාලන රාමුවක් නිර්මාණය කළ යුතු අතර, පුරවැසියන්ට තමන්ට වඩාත් සුදුසු දේ තීරණය කළ හැකි පරිදි පුළුල් පරාසයක තේරීම් සඳහා ඉඩ සැලසිය යුතුය.
උදාහරණයක්:
ගබ්සා කිරීම් නීතිගත කිරීම යනු ගබ්සාවක් අවශ්‍ය වන කාන්තාවන් සහ පවුල් සඳහා ඔවුන්ගේ තත්වයන් මත පදනම්ව ආරක්ෂිතව ගබ්සාවක් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව සැපයීමයි. එවැනි නීතිමය රාමුවක් පැවතුන පමණින් සෑම ගර්භණීය කාන්තාවක්ම ගබ්සා කළ යුතු යැයි මින් අදහස් නොවේ. තම තත්වයන් මත අවශ්‍ය තැනැත්තන් සදහා වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරනු ලබන ආරක්ෂිත ගබ්සාවක් සහතික කරන ක්‍රමවේදයක් ඉන් අදහස් කෙරේ.
නීතිමය රාමුවක් විසින් ගබ්සාව සහතික නොකළද, ගබ්සා කිරීම් සිදුවන අතර, එවැනි අනාරක්ෂිත ගබ්සා කිරීම් මගින් කාන්තාවන්ගේ ජීවිත අනතුරේ හෙළමින් සමාජීය ප්‍රශ්න රාශියක් ඇති කරනු ලැබේ. වෙනත් කෙනෙකුට ගබ්සාවක් අවශ්‍ය වන්නේ මන්දැයි ඔබට නොතේරෙන කාරනය මත ඔවුන්ගේ හැඟීම් අවලංගු බවක් හෝ ඔවුන්ගේ ජීවිතය සම්බන්දයෙන් ඔවුන් ගනු ලබන තේරීම් වැදගත් නොවන බව ෛඉන් අදහස් නොවේ. පාලන රාමුවක් තුළ බහුවිධ තේරීම් තිබීම ජීවිතය පහසු කරන අතර සෑම කෙනෙකුටම තමන්ගේම තත්වය සඳහා හොඳම තීරණය ගත හැකි බව සහතික කරයි.
වැදගත් කරුණ:
නිදහස සහතික කිරීම සහ පුද්ගල වර්ධනයට සහාය වීම සඳහා සමාජය සහ ආණ්ඩුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
උපුටා දැක්වීම්
“මිනිසා නිදහසේ උපත ලබයි, නමුත් සෑම තැනකම ඔහු දම්වැල් වලින් බැඳී ඇත.”” – ජීන්-ජැක්ස් රූසෝ
නිදහසට වඩා සමානාත්මතාවයට මුල් තැන දෙන සමාජයකට මේ දෙකම ලැබෙන්නේ නැත. සමානාත්මතාවයට වඩා නිදහසට මුල් තැන දෙන සමාජයකට මේ දෙකෙහිම ඉහළ වටිනාකමක් ලැබෙනු ඇත.”” – මිල්ටන් ෆ්‍රීඩ්මන්
සාරාංශය
- පුද්ගලික සංවර්ධනය සහ සිහින සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස මූලික වේ
- ඍණාත්මක නිදහස (මැදිහත්වීම් වලින් නිදහස)
- ධනාත්මක නිදහස (ඉලක්ක ළගා කර ගැනීම සඳහා සම්පත් වෙත ප්‍රවේශය).
- සමස්ථ පුද්ගල සංවර්ධනය සඳහා ඍණාත්මක සහ ධනාත්මක නිදහස යන දෙකම එක ලෙස අවශ්‍ය වේ.
- සමාජයේ කාර්යභාරය වන්නේ එකිනෙකාගේ නිදහසට ගරු කිරීම සහ සහයෝගය දැක්වීමයි.
- ආණ්ඩුවේ වන්නේ සෘණාත්මක සහ ධනාත්මක නිදහස යන දෙකම සහතික කෙරෙනදේශපාලන රාමුවක් නිර්මාණය කිරීමයි.
- අන්ත රාජ්‍ය පාලනයකින් පුද්ගල නිදහස සීමා කළ හැකියි.